Advertise with Giraya
NEWS

සක්‍රීය ආසාදිතයින් ගණන 502යි

Update at 11.30 PM

අද (13) පස්වරු 7.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට වාර්තා වන සක්‍රිය ආසාදිතයින් ගණන 502 දක්වා ඉහළ ගොස් ඇත.

____________________________________________________________________________

අද (13) දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 891ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද පෙරවරු 10.00 වන විට ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 500ක් වේ. සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 382ක් වේ.

අද (13) දින පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව රෝගීන් 498 දෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 111 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 37 ක් ද, මුල්ලේරියාව රෝහලේ 81 ක් ද, ඉරණවිල රෝහලේ 08 ක් ද, කාතාන්කුඩි රෝහලේ 01 ක් ද, නාවික රෝහලේ 216 ක් ද, හෝමාගම රෝහලේ 44 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එම වාර්තාවට අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 45 දෙනෙකු විදෙස්ගතව සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණි අය ද, 66 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 454 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් ද, 11 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20

දැනට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 13 පස්වරු 4 වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 42.8%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top