Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

කොරෝනා පැරැද්දූ ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව

ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන මරියා (Maria Branyas) කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාර්තු මාසයේ දී ස්පාඤ්ඤය අගුලු දැමිමෙන් පසුව ඇයට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර සති කිහිපයක් ඇයව නිරෝධායනයට යොමු කිරීමෙන් අනතුරුව ඇය සුව අතට හැරී ඇත.

1907 වසරේ මෙක්සිකෝවේ දී උපත ලබා ඇති ඇය මේ වන විට 113 හැවිරිදි වියේ පසුවේ. 1918 -19 කාලයේ දී ස්පාඤ්ඤ උණ වසංගතය කාලයට ද ඉන්පසුව 1936-39 දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධ සමයට ද මාරියා මුහුණ දී ඇත.

Giraya News Alerts

ඇයට දරුවන් තිදෙනෙකු වන අතර ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 86 ක් වේ. එමෙන්ම, ඇයට මුණුබුරු මිණිබිරියන් 11ක් සිටින අතර ඔවුන්ගෙන් වැඩිමහල්ලාගේ වයස අවුරුදු 60ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top