Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රාජිත සේනාරත්නගේ ඇප නියෝගය අවලංගුයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය දෝෂ සහිත බවට ප්‍රකාශ කරමින් එම නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (13) නියෝග කර තිබේ.

ඒ අනුව, මොහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විනිසුරුවරයා කොළඹ මහේස්ත්‍රාත්වරියට නියෝග කර ඇත.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබාදීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත පෙත්සම අද (13) කැඳවූ අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය කරනු ලැබ ඇත.

Giraya News Alerts

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව මෙහෙය වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දෙසැම්බර් මස 30 වනදා නීතිපතිවරයාගේ විරෝධය නොතකා ඇප ලබාදී තිබුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top