Advertise with Giraya
NEWS

සමාජ මාධ්‍යවල හුවමාරු වන ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂ සහිත ව්‍යාජ ලිපියක්

ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂ සහිතව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙත සහන සැලසීමේ ක්‍රියාමාර්ගයක් පිළිබඳව දන්වමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වූ පිරිසට එම සහන ලබා ගැනීම සඳහා අයදුම් කරන ලෙස දන්වමින් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය අතර හුවමාරු වන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

අධ්‍යක්ෂ ජනරාල් ලෙස අජන්ත කොඩිකාර නමැත්තෙකු සඳහන් කර මෙම ව්‍යාජ නිවේදනය සකස් කර තිබෙන අතර දුරකථන අංක දෙකක් ද එහි ඇතුළත්කර ඇත. එහෙත් මෙම කිසිදු කරුණක් සත්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

මෙම ව්‍යාජ නිවේදනය සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

Giraya News Alerts

අදාළ ව්‍යාජ ලිපිය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top