දැනට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 889 දෙනා අතරින් 469 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ. ඒ අනුව, වාර්තා වූ රෝගීන්ගෙන් අඩක් පමණ නාවික හමුදා සාමාජිකයින් වේ.
ඊයේ (12) දිනයේ දීත් වාර්තා වූ කෝවිඩ් 19 ආසාදිතයින් 20 දෙනා අතරින් 18 දෙනෙකුම නාවික හමුදා නිලධාරින් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකු මිට පෙර හඳුනාගත් ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු වේ. අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් අතරින් 52 ක් ඊයේ (12) දිනයේ දී සුවය ලබා රෝහල්වලින් පිට වී ගොස් ඇත. ඒ අනුව, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 514 ක් වේ.
