Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අවි පුහුණුව දුන් මද්‍රාසා පාසලේ විදුහල්පති හිජාස් හිස්බුල්ලා බව අධිකරණයේ දී හෙළිවේ

මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන් වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විශේෂ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම දරුවන් දෙදෙනා පැයකට අධික කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශය සිදුකළ අතර ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුගේ ද සහය ලබා ගනු ලැබුවා.

මෙම මද්‍රසා පාසලේදී දරුවන්ව නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම් වලට යොදාගෙන ඇති බවත් ඔවුන්ට එහිදී ත්‍රස්තවාදී පුහුණුව ලබාදුන් අයුරු මෙහිදී හෙළිකර ඇත. මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බව කියන ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත.

Giraya News Alerts

පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරයත් භාණ්ඩාගාරික ධුරයත් දරමින් මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන්ව ඇත.

පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පසුව අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවන් සමග බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් සහරාන් යන අයගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් යන අයත් මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බවට විමර්ශන අනාවරණයවී ඇත.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව කියන නිතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ද මෙම දරුවන් දෙදෙනා සිය ප්‍රකාශයේදී කරුණු සඳහන් කර ඇත.

-නෙත් FM වෙබ් අඩවියේ පළ වූවකි-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top