Update at 6.30 AM
ඊයේ (12) රාත්‍රී 11.30 වන විට තවත් රෝගීන් 10 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 889 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, රෝහල්ගතව සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 514 දෙනෙක් දක්වා වැඩි වී ඇත.
____________________________________________________________________________
අද (12) රාත්‍රී 7.00ට නිකුත් කරනු ලැබූ වාර්තාව අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 879ක් දක්වා වැඩි වී ඇත.
අද (12) දින වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් 09 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වේ.
අද දින පෙරවරු 10.00 වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ගණන 23ක් වන අතර ඒ අනුව, දැනට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත ගණන 366 ක් වේ. එම රෝගීන් 23 න් රෝගීන් දෙදෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ද, එක් අයෙකු වැලිකන්ද මූලික රෝහලේ ද, දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේ ද, දෙදෙනෙකු ඉරණවිල රෝහලේ ද, 14 දෙනෙකු නාවික රෝහලේ ද, දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් වේ.
ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 504ක් වේ. තවත් 117 දෙනෙකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ.
