Advertise with Giraya
FOREIGN

චීනයෙන් හා දකුණු කොරියාවෙන් දෙවන කොරෝනා රැල්ලක්

කොරෝනා වසංගතය ආරම්භය සිදු වූ චීනයේ වූහාන් නගරයේ නගරයෙන් ඉකුත් අප්‍රේල් මස මුල සතියෙන් පසු කොරෝනා වෛරස් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ. චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව කුඩා කොරෝනා පොකුරු හරහා මතු වී ඇති මෙම අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 05 දෙනාම වුහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර යාම ඇරඹි නිවාස සංකීර්ණයෙන්ම සොයා ගෙන තිබේ.

වුහාන් නගරයෙන් ඊයේ (11) දිනයේ වාර්තා වී ඇති අලුත් කොරෝනා ආසාදිතයින් 05 දෙනාගෙන් එක් අයෙකු ඉකුත් අප්‍රේල් මාසයේ වුහාන් නගරයෙන් වාර්තා වූ 39 හැවිරිදි කොරෝනා ආසාදිතයාගේ බිරිය බව අනාවරණය වී තිබේ. කෙසේ වුවද, වාර්තා වී ඇති සියලු කොරෝනා ආසාදිතයින් කැස්ස ,උණ වැනි කොරෝනා ආසාදන රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය වීම නිසා ඔවුන් හරහා තවදුරටත් වෛරසය සමාජය තුළ පැතිර තිබීමට ඉඩ ඇති බවටද මත පළ වී තිබේ. එසේම, ඊයේ (11) දිනය තුළ චීනයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ අතර, දකුණු කොරියාවේ සියෝල් හි කොරෝනා වෛරසය පැතිර යන පොකුරක් (cluster) හඳුනාගෙන තිබේ. එය කොරෝනා වෛරසය පැතිර යාමේ දෙවන රැල්ලක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බී.බී.සී. පුවත් සේවය වාර්තා කරන අන්දමට සියෝල් නගරයේ පිහිටි රාත්‍රී සමාජශාලාවක් කේන්ද්‍රකොට ගෙන මෙම දෙවන කොරෝනා ව්‍යාප්තියේ පොකුර ඇති වී තිබෙන අතර පුද්ගලයින් 101 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වී ඇත.

Giraya News Alerts

කොරෝනා වසංගතය ආරම්භයේ දී ම එය මැඩපැවැත්වීම සදහා සාර්ථක වැඩපිළිවෙලක් දියත් කළ රටක් ලෙස දකුණු කොරියාව වාර්තා වේ. එරට ජනාධිපති මුන් ජේ ඉන් එරට ජනතාව අමතමින් කියා තිබෙන්නේ කිසිවිටෙක වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක කරන ආරක්ෂිත පිළිවෙත්වල අඩු කිරීමක් සිදු නොකළ යුතු බවයි.

කෝවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානම පහව යාමත් සමඟ පසුගිය අප්‍රේල් 19 වැන දින දකුණු කොරියාවේ පිහිටි රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීමට තීරණය කළ අතර පසුව 29 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු විය. ඔහු ගොස් තිබූ රාත්‍රි සමාජශාලාවක්ට ගිය පුද්ගලයින් 101 දෙනෙකුට මෙසේ කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top