Advertise with Giraya
NEWS

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයටත්, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයටත් නව ලේකම්වරුන් පත් කරයි

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහා නව ලේකම්වරුන් පත්කිරීම ඊයේ (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු විය.

ඒ අනුව, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ජී.කේ.ජී.ආර්.පී.කේ. නන්දන මහතා සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන කේ.ජි. උපාලි රණවක මහතා පළාත් ආණ්ඩුකාරවරයා අතින් තම පත්වීම් ලිපි ලබා ගත්තේය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ද එක්ව සිටියේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top