පුද්ගලයින්ට තර්ජනය කොට ජංගම දුරකථනවල ඇති විද්‍යුත් මුදල් හුවමාරු (e-wallet) ඔස්සේ සිදුකෙරෙන කප්පම් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනයට තමන්ගේ නම ඇතුලත්ව ඇති බව පවසා එයින් නම ඉවත් කිරීමට මෙලෙස ජංගම දුරකථන ඔස්සේ විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රම (e-wallet) ඔස්සේ කප්පම් ගැනීම සිදුකෙරෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙය සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කප්පම් ගැනීම සඳහා ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු වංචාවක් බව අනාවණය වී තිබේ.
මෙම තත්ත්වය පිළිබඳ මෑතකදී පොලීසිය විසින් ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේදී පැවති රැස්වීමකදී ආරක්ෂ ලේකම් මේජර් ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ අවධානය යොමු කරන ලදි.
මෙහිදී කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ කප්පම්කරුවන් විසින් පුද්ගලයින් ගෙන් රුපියල් 25000-50,000 අතර මුදලක් ඉල්ලා තර්ජනය කොට ඇති බවයි.
මේ සිද්ධීන් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් මෙහිදී ජනතාව ද බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි. යම් හෙයකින් කිසියම් හෝ පුද්ගලයෙකුට මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ළඟම ඇති පොලිසියට හෝ 119 අංකයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
මෙවැනි වංචාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාවට නංවන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
