1970 දශකයෙ සිංහල සිනමාවේ සිටි කඩවසම් නළුවා වෙමින් රසික හිත් දිනාගත් ප්‍රවීන රංගන ශිල්පී තිස්ස විජේදුරේන්ද්ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දි ඔහු මිය ගිය බවට එම රෝහලේ අධ්යක්ෂවරයා තහවුරු කරයි. මිය යන විට ඔහු 71 වන වියේ පසු විය.
1970 වසරේ රංජිත් ලාල් අධ්‍යක්ෂණය කළ නිම්වළල්ල චිත්‍රපටියෙන් සිනමාවට පිවිසි ඔහු පුජිතයෝ, කලණ මිතුරෝ, සුහඳ පැතුම, දඩබිම වැනි සිනමා චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබේ.
