Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් ආසාදිතයින් 22කට සුවයි

අද (10) දින උදෑසන 10 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 22 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට රෝගීන් 343 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

එම රෝගීන් 22 න් රෝගීන් 09 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ද, 08 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේද, 04 දෙනෙකු ඉරණවිල රෝහලේ ද, එක් අයෙකු හෝමාගම මූලික රෝහලේ ද ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් වේ.

ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 511 ක් වේ. එම රෝගීන් 511 න් රෝගීන් 115 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ද, රෝගීන් 38 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ද, 85 දෙනෙකු මුල්ලේරියාව රෝහලේ ද, 10 දෙනෙකු ඉරණවිල රෝහලේ ද, 07 දෙනෙකු කාත්තන්කුඩි මූලික රෝහලේ ද, 203 දෙනෙකු නාවික රෝහලේ ද, 53 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ද රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබයි.

Giraya News Alerts

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් වන අතර ආසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top