Advertise with Giraya
NEWS

හෙට කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට(12) උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබලය සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජලය කපා හරිනු ඇත.

ඒ අනුව, වස්කඩුව,වාද්දුව,පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර(උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙම ජලකප්පාදුව බලපැවැත්වෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top