කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය කි‍්‍රයාත්මකව තිබිය දී ජන ජිවිතය යථා තත්ත්වය පත් කිරීම පිළිබඳ තවත් උපදෙස් මාලාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන පරිදි අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන, ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවි කරන වෙළදසැල් විවෘත කිරීමට අවසර හිමි වේ. ඒ යටතේ ඖෂධ අලෙවි සැල්, සිල්ලර වෙළදසැල්, රෙදි පිළි අලෙවි සැල්, සන්නිවේදන මධ්‍යස්ථාන, පොත් හා පුවත්පත් අලෙවි සැල් සහ ලොතරැයි අලෙවි කුටි ද විවෘත කළ හැකියි.
කෙසේ වෙතත්, මහජනතාව ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීමට හෝ සේවා ලබා ගැනීමට යා යුත්තේ එම ද්‍රව්‍ය අලෙවි කරන හෝ සේවා සපයන තමන් පදිංචි ස්ථානයට ආසන්නම වෙළද සැල හෝ සේවා ස්ථානය වෙත පමණක් බව පොලිසිය අවධාරණය කරයි.
සුපිරි වෙළද සැල්ද විවෘත කර පවත්වාගෙන යා හැකි බවත් එම වෙළඳසැල්වල ද සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදිය යුතු බව ද අවධාරණය කර කරයි. දැනට අවසර ලබා දී ඇති ආහාර බෙදා හැරීමේ හෙවත් ඩිලිවරි සේවාද තවදුරටත් පවත්වාගෙන යා හැකියි.
විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ කොළඹ මැනිං වෙළදපොල වැනි තොග වෙළදාම සඳහා වූ මධ්‍යස්ථාන ද විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වේ. කෙසේවෙතත්, එම ස්ථානවල ද සෞඛ්‍යආරක්ෂන උපදෙස් පිළිපැදිම අනිවාර්යය බවයි පොලිසිය සිහිපත් කරන්නේ.
සියලූ ඉදිකිරීම් කටයුතු සඳහා ද, ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගල්, වැලි, උළු වැනි දෑ ප‍්‍රවාහනයට ද අවසර හිමිව තිබේ. නමුත්, වැඩ බිම් වෙත අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට ඉදිකිරීම්කරුවන් කටයුතු කල යුතු බව පොලිසිය අවධාරණය කරයි.
බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාරද, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානද විවෘත කර පවත්වාගෙන යා හැකියි. එහෙත් ඒ සඳහා ප‍්‍රාදේශිය වෛද්‍ය නිලධාරීවරයාගෙන් සහතිකයක් ලබා ගත යුතු වේ. එම ස්ථානවල ද සෞඛ්‍යාරක්ෂන උපදෙස් කි‍්‍රයාත්මක කිරීම අනිවාර්යයි.
කුඩා ආපන ශාලා, ආහාර අලෙවි කරන පෙට්ටි කඩ හෝ අවන්හල් පවත්වාගෙන යාමට අවසර හිමි නොවේ. සංචාරක හෝටල් විවෘත කළ හැකි නමුත් ඒවායේ ද අවන්හල් විවෘත නොකළ යුතු බව පොලිසිය නිකුත් කළ උපදෙස් මාලාවේ දැක්වේ.
සතිපොළ හා දිනපොළ වැනි සමූහ වශයෙන් වෙළදාම් කරන ස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානද තවදුරටත් වසා තැබිය යුතුයි.
මේ අතර මහජන අවශ්‍යතාවක් සඳහා බැහැරව යාමට ඇඳිරි නීති බලපත‍්‍රයක් ලබා ගෙන ඇති පෞද්ගලික වාහන සඳහා එලෙස බැහැරව යාමට අද(11) සිට අවසර ලැබෙන්නේ පෙරවරු 10.30ත් සහ පස්වරු 03.00ත් අතර කාලයේදී පමණක් බව පොලිසිය පවසනවා. එහිදී ද මුව ආවරණ පැළදීම අනිවාර්යය බව සිහිපත් කරයි.
තී‍්‍රරෝද රථවල ගමන් කළ හැක්කේ රියදුරු හැර පුද්ගලයින් දෙදෙනෙකු පමණක් බවත් කුලී මෝටර් රථවල ගමන් කිරීමට අවසර ලැබෙන්නේ රියදුරු හැර පුද්ගලයින් 03 දෙනෙකුට පමණක් බවත් පොලීසිය පවසයි. පොදු ප‍්‍රවාහන සේවාවල ද සෞඛ්‍යාරක්ෂණ උපදෙස් පිළිපැදීම අනිවාර්යය වේ.
