Advertise with Giraya
NEWS

වැඩිම සුව වීම් ගණන ඊයේ දිනයේ දී.. සක්‍රීය ආසාදිතයින් ගණන 533 දක්වා අඩු වෙයි

ඊයේ (10) රාත්‍රී 11.55 ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තා අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව, ඊයේ (10) දිනයේ දී වාර්තා වූ මුළු රෝගීන් ගණන 16ක් වේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ (10) වාර්තා වූ රෝගීන් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා නිලධාරීන් වන බවයි. අනෙක් තිදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදා නිලධාරියෙක් සමීපව ඇසුරු කළ අයෙක් වන බවත් අනෙක් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ අයෙක් බවත් ඔහු සඳහන් කරයි.

එම රෝගීන් 16 දෙනා ඇතුළුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇත.

Giraya News Alerts

ඊයේ (10) දිනයේ දී රෝගීන් 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එය මෙතෙක් එක් දිනයක දි වාර්තා වූ වැඩිම සුව වීම් ගණන වේ. ඒ අනුව, දැනට සුවය ලද සමස්ත ගණන 321 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලද රෝගීන් ගණන ඉහළ යාමෙන් දැනට රෝගී තත්ත්වයේ පසුවන සක්‍රීය ආසාදිතයින් ගණන 533ක් දක්වා අඩු වී ඇත. තවත් 116 දෙනෙකු සැක පිට රෝහල්ගතව සිටියි.

මේ දින කිහිපයේ දී රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට තිබෙන අතර පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගණන මෙසේ ය.
මැයි 01 වන දින රෝගීන් 27 ක් ද,
මැයි 02 වන දින රෝගීන් 12 ක් ද,
මැයි 03 වන දින රෝගීන් 06 දෙනෙක් ද,
මැයි 04 වන දින රෝගීන් 13 දෙනෙක් ද,
මැයි 05 වන දින රෝගීන් 16 දෙනෙක් ද,
මැයි 06 වන දින රෝගීන් 26 දෙනෙක් ද,
මැයි 07 වන දින රෝගීන් 27 දෙනෙක් ද
මැයි 08 වන දින රෝගීන් 11 දෙනෙක් ද,
මැයි 09 වන දින රෝගීන් 12 දෙනෙක් ද,
මැයි 10 වන දින රෝගීන් 16 දෙනෙක් ද වශයෙන් වාර්තා වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top