Advertise with Giraya
NEWS

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම.. නවතම ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය මෙන්න

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා යළි දැනුම් දෙන තුරු පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියි.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.

කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 සඳුදා ඇරඹේ.

Giraya News Alerts

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top