Advertise with Giraya
NEWS

කෝටි 4ක බ්‍රවුන් ෂුගර් සමඟ 7ක් පොලිස් දැලේ

පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් පුත්තලම – කවයන්කුලම ගම්මානයේ දී ඊයේ (09) සිදු කරන ලද වැටලීමක දී රුපියල් කෝටි 04 ක ප මණ වටිනාකමකින් යුත් බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත් කුඩු කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 368 ක් සමග සැකකරුවන් 07 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

කොරෝනා ආසාධිතයින් කීප දෙනෙකු එම ගම්මානය තුළින් හමුවීම හේතුවෙන් කවයන්කුලම ගම්මානය පසුගිය කාලය තුළ හුදකලා කර තිබු අතර එම කාලය තුළ පිටස්තර කිසිවෙකුට කවන්කුලම ගම්මානයට ඇතුළු වීම හෝ පිටවීම සෞඛ්‍ය අංශ විසින් තහනම් කර තිබුණි.

එම ගම්මානයේ නිවසක් තුළ මත් කුඩු තොගයක් සුක්ෂම ලෙස සඟවා තිබෙන බවට වූ තොරතුරක් පුත්තලම ඒකකයේ විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබී ඇත. එම තොරතුර පුත්තලම කොට්ඨාශ බාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කිරීමට විශේෂ කාර්යංශය කටයුතු කර ඇති අතර ඒ අනුව කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකය විසින් වැටලීම සංවිධානය කර ඇත.

අදාළ නිවස වටලා පරීක්ෂා කිරීමේ දී එහි තිබූ ලී අල්මාරියක් තුළ සුක්ෂම ලෙස සකස් කරන ලද ලාච්චුවක සඟවා තිබූ මත් කුඩු තොගය කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකය විසින් සොයා ගෙන ඇතිත අතර නිවසේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී සෙසු සැකකරුවන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති පසුව එම සැකකරුවන් ද කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත

ලී අල්මාරිය වෙනස් කර ඒ තුළ සූක්ෂම ලාච්චුව සකස් කළ වඩු කාර්මිකයාද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ. අත්අඩංගුවට ගෙන ඇති තවත් සැකකරුවෙකුගේ සහෝදරයින් දෙදෙනෙකු මේ වන විටත් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවට වැඩිදුරටත් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

පිටස්තර ප්‍රදේශයකින් ගෙනවිත් ඇති මත් කුඩු තොගය සුක්ෂම ලෙස පුත්තලම සහ අවට අලවි කිරීමට සැකකරුවන් සුදානම් කර තිබී ඇති බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි. තම බාරයට ගෙන ඇති මත් කුඩු තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා පුත්තලම පොලීසියට බාර දීමට කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකය කටයුතු කර ඇත

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top