Advertise with Giraya
POLITICS

හිටපු කතානායකගෙන් නිවේදනයක්

හිටපු කථානායක කරු ජයසුරිය විසින් තමා වෙත ලබාදී තිබු නිල වාහන, කාර්යාල හා නිල නිවාස පහසුකම් යන සියල්ල පාර්ලිමේන්තුව විසිර වූ වහාම ආපසු භාරදෙනු ලැබූ බව කරූ ජයසූරියගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

රජය විසින් පසුගිය මාර්තු මස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් ඇමතිවරුන් හට (රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළුව) සිය නිල රථ හා නිල නිවාස මැතිවරණය නිමා වනතුරු පරිහරණය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් කරුණු අනාවරණය කර තිබූ බව හිටපු කථානායක කරූ ජයසූරිය ඉන් පෙන්වා දෙන අතර හිටපු කථානායකවරයාටද එකී වරප්‍රසාද හිමිවන බවට අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් දක්වා තිබූ බවත් සඳහන් කරයි.

කෙසේවෙතත්, ඉහත සඳහන් කැබිනට් පත්‍රිකාවට අනුව හිමිවන වරප්‍රසාද කිසිදු අයුරකින් ලබාගැනීමට හිටපු කථානායකවරයා අපේක්ෂා නොකරන බව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top