Advertise with Giraya
NEWS

ආසාදිතයින් සංඛ්‍යාව 847 දක්වා ඉහළට…. 260ක් සුවය ලබයි

අද (09) රාත්‍රී 7.30 වන විට තවත් කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 12 දෙනෙකු වාර්තා වීඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 847 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, තවත් රෝගීන් පස් දෙනෙකු අද සුවය ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව, අද දිනයේදී සුවය ලැබූ ගණන 20 ක් දක්වා ඉහළ යනු ඇත. දැනට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 260ක් වේ. ඒ අනුව, මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 578ක් වේ.

අද දිනය තුළ දී සිදු කළ පී.සී. ආර්. පරීක්ෂණ ගණන 1821ක් බවත් වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top