Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා වෛරසයෙන් මිය යන අයගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් බදුර්දීන් ජනපතිට ලියයි

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන් කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබා දෙන ලෙස රිෂාඩ් බදුර්දීන් ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top