Advertise with Giraya
NEWS

අද සුවය ලැබූ ගණන 15ක්… සක්‍රීය ආසාදිතයින් ගණන 571 දක්වා පහළට

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන මේ වන විට 835ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වූ රෝගීන්ගෙන් 404 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වේ. ගත වූ පැය 24 තුළ දී වාර්තා වූ රෝගීන් 11 දෙනාම නාවික හමුදා සාමාජිකයන් වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මීට අමතරව, අද (09) පෙරවරු 10 වන විට වෛරසය ආසාදිත පුද්ගලයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 255ක් දක්වා ඉහළ ගොස් ඇත. අද (09) දින සුවය ලැබූ රෝගීන් 15 දෙනාගෙන් එක් අයෙකු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ද, හය දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ද, පස් දෙනෙකු ඉරණවිල රෝහලේ ද, තිදෙනෙකු හෝමාගම මූලික රෝහලේ ද ප්‍රතිකාර ලැබූ රෝගීන් වේ.

ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 571ක් දක්වා අඩු වී ඇත. තවත් 135 දෙනෙකු සැකපිට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. නව ආසාදිතයින් වාර්තා වී නොමැත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top