පසුගිය ආණ්ඩු දෙකක ඇමැතිවරුන් විසිදෙදෙනකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් රජයේ නිවාස ආපසු භාර නොදීමේ හේතුකොට ගෙන ය.
පසුගිය රජයේ ඇමැතිවරුන් විසිදෙනකු සහ ඊට පෙර පැවැති රජයේ ඇමැතිවරුන් දෙදෙනකු 2020 මාර්තු 02 වැනි දිනට රජයේ නිවාස ආපසු භාරදී නොමැති බැවින්, ඔවුන්ට එරෙහිව මෙසේ නීතිමය පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
රජයේ ධුරයන් දරන ලද මේ වනවිට එම ධුරයන් අහෝසිව ඇතත්, මෙතෙක් නිවාස ආපසු භාරදී නොමැති ඇමැතිවරුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලැයිස්තුගත කර ඇත.
රාවුෆ් හකීම්, රවීන්ද්‍ර සමරවීර, අබ්දුල් හලීම්, චන්ද්‍රාණි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමීර් අලි, එඩ්වඩ් ගුණසේකර, නලීන් බණ්ඩාර, ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, වඩිවේල් සුරේෂ්, සෙල්වම් අඩෙක්කලනාදන්, එච්. එම්. එම්. හාරිස්, ෆයිසල් කාසිම්, දුලිප් විජේසේකර, දුනේෂ් ගන්කන්ද, ටී. බී. ඒකනායක, මුස්තාපා, චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමැතිවරුන් විසි දෙනා සහ පසුගිය රජයට පෙර පැවැති රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලද අවධියේදී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ හිටපු ජනාධිපති ව්‍යාපෘති අධ්යක්ෂ ලෙස ධුරය දරන අවධියේදී ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් වෙත වෙන්කර දී ඇති නිවාස එම ධුරයන් අහෝසි වී ඇතත් මෙතෙක් නිවාස භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
