Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රට විවෘත කළත් සුරසැල් විවෘත නොකිරීමට රජයේ අවධානය

මේ වනවිට රටපුරා ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන අතර ලබන සදුදා අලූයම 5 දක්වා එය ක්‍රියාත්මක වේ. බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු ප‍්‍රදේශවල ඇදිරි නීතිය ලබන සදුදා සිට ලිහිල් කරනු ලැබේ.

කෙසේ වෙතත් ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද ලබන සදුදා සිට බස්නාහිර පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ. ඒ අනුව යළිත් වරක් සුරාසැල් විවෘත කිරීමට අවසර හිමිවන්නේ දැයි බොහෝ පාර්ශව ප‍්‍රශ්න කරනවා.

නමුත් සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට තීරණය කළ ද සුරසැල් විවෘත නොකිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. එයට හේතු වී තිබෙන්නේ මීට පෙර ද ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ සුරාසැල් විවෘත කෙරුණු අතර ඒ අසල ජනතාව වැඩි වශයෙන් රැස්වීමයි.

Giraya News Alerts

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් බොහෝ දුරට අද (09) දිනයේ දී නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

ඒ, නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින්. පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද එහි දී රෙගුලාසි ඇතුළත් කරමින් ය.

ජනජීවිතය යථාතත්ත්වයට පත් කෙරුණද අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සදහා පිටත්ව යන පුද්ගලයින් හැර සෙසු පිරිස් හැකිතාක් නිවෙස්වලින් බැහැරවීම අවම කළ යුතු බව ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ද අවධාරණය කරනයි.

පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සෙසු පුද්ගලයින් නිවසින් බැහැර විය යුත්තේ ආහාර හෝ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් බවත් ඒ සඳහා ද අවසර ලැබෙන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක පාදක කර ගනිමින් කි‍්‍රයාත්මක ක‍්‍රමවේදයට අනුව බවත් ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top