Advertise with Giraya
NEWS

11 වනදායින් පසු හැඳුනුම්පතේ අංක ක්‍රමවේදය අනුගමනය කරන්න – ශ්‍රී ලංකා පොලීසිය

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව බැහැරව යාමේ ක්‍රමවේදයට පිටින් ක්‍රියාකලහොත් ඇඳීරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

දැනට දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර එළඹෙන අනිද්දා පෙරවරු 5 ට එය ලිහිල් කිරීමට නියමිත ය. මේ අතර, රජය විසින් මීට පෙර දැනුම් දුන් ආකාරයට ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව බැහැරව යාමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ද අනිද්දා දිනයේ දී ය.

ඒ අනුව, සතියේ දින 5 සඳහා ජාතික හැඳුනුම්පතේ අවසන් අංක මත නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමි වේ.

Giraya News Alerts

කෙසේ වෙතත්, එම ක්‍රමවේදය අනුගමනය නොකරන පුද්ගලයන්ට ද ඇඳිරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top