ලොව පුරා කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන මිලියන 4 ඉක්මවා ගොස් ඇති බව ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන් අනුව පෙන්වා දේ.
ඒ අනුව, දැනට ලොව පුරා පුද්ගලයින් 4,012,857 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 276,216 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. ආසාදිතවූවන්ගෙන් 2,351,455 දෙනෙකු තවමත් රෝගීව පසුවෙන අතර රෝගීන්ගෙන් 1,385,186 දෙනෙකු සුවය ලබා ඇත.
දැනට ලොව වැඩිම ආසාදිත වූවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වේ. මේ වන විට ඇ.එ.ජ පුද්ගලයින් 1,321,785 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත. ආසාදිත වූවන්ගෙන් 223,603 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 78,615 දෙනෙකුට ජීවිත අහිමි වී ඇත. ගත වූ පැය 24 තුළදී ඇ.එ.ජ පුද්ගලයින් 29,162 කට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති අතර රෝගීන් 1687 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
ඇමරිකා එක්සත් ජනපදයෙන් පසුව වෛරසය හේතුවෙන් දැනට එක් දිනකදී වැඩිම ප්‍රමාණයක් මිය යන්නේ බ්‍රසීලයේ ය. ඊයේ (08) දිනයේ දී බ්‍රසීලයේ මිය ගිය පුද්ගලයින් ගණන 804ක් වේ. දැනට කෝවිඩ් 19 නිසා බ්‍රසීලයේ පුද්ගලයින් 9992 ක් මරණයට පත් වී ඇත. ගත වූ පැය 24 තුළ දී බ්‍රසීලයෙන් නව ආසාදිතයින් 10,199 දෙනෙකු වාර්තා වී ඇත. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 145,892ක් වේ.
මහා බ්‍රිතාන්‍යයේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 211,364 ක් වේ. ඊයේ (08) දිනයේ දී මහා බ්‍රිතාන්‍යයේ කෝවිඩ් 19 ආසාදිතවූවන් 4649ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 626 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි ඇත.
ඉතාලිය ඊයේ (08) දිනයේ දී කොරෝනා නිසා මරණයට පත් වූ සංඛ්‍යාව 30,000 ඉක්මවා ගියා. ඒ යුරෝපානු කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටක් වශයෙන් ය. එසේම, යුරෝපානු රටකින් කොරෝනා මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව ද මෙය වේ. දැනට ඉතාලියේ 87961 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන 30,201 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ආසාදිත වූවන්ගෙන් 99,023 දෙනෙකු සුවය ලබා ඇත.
අඛණ්ඩව 7 වන දිනය වන විටත් රුසියාවෙන් කොරෝනා ආසාදිතයින් 10,000 ඉක්මවා වාර්තා වී තිබේ. ඊයේ (08) දිනය තුළ දී රුසියාවෙන් නව ආසාදිතයින් 10,699ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් ගණන 187,859 දක්වා ඉහළ ගොස් තිබේ. රුසියාවේ වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 1723ක් වන අතර ඊයේ (08) දිනයේ දී මරණ 98ක් වාර්තා වී ඇත.
අසල්වැසි ඉන්දියාවේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත වූවන්ගේ ගණන 59,695ක් වේ. කොරෝනා හේතුවෙන් ඉන්දියානුවන් 1985 දෙනෙකු ජිවතක්ෂයට පත් වී තිබේ. ඊයේ (08) දිනයේ දී ඉන්දියාවෙන් වෛරසය ආසාදිත පුද්ගලයින් 3344 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 96 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.
