සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම අතැම් ප්‍රසිද්ධ මාධ්‍යයන් මඟින් ද වාර්තා කළ රජය විසින් ලක්ෂ 3000ක් වටිනා වාහන මිලදී ගැනීමේ පුවත රජය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කර තිබේ.
මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කැබිනට් ප්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ එම ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය හා ගොතන ලද කතාවක් බවයි. තවද, එවැනි කරුණක් ඇතුළත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බව ඔහු සඳහන් කරයි.
එසේම, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවට පැතිරී යන ප්‍රචාරය ද සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිවේදනය මඟින් ඔහු දන්වා තිබේ.
මීට අමතරව, 2020 මැයි 05 වන දින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය අංශයේ ප්‍රධානීන් වෙත කරන ලද පෞද්ගලික ආයාචනය සම්බන්ධයෙන් දායකත්වය දැක්වීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍රය යන්න දක්වමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ආකෘතිය ව්‍යාජ ආකෘතියක් වන බවත් එවැනි කිසිදු ආකෘතියක් මේ දක්වා නිකුත් කර නොමැති බවත් ඔහු එම නිවේදනය මඟින් පෙන්වා දෙයි.
එමෙන්ම, ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මඟින් ඉල්ලා ඇත්තේ සිය කැමැත්ත මත පමණක් මැයි මස වැටුපෙන් යම්කිසි දායකත්වයක් වැන්දඹු හා අනත්දරු අරමුදලට සිදු කරන ලෙස පමණක් බවත් පෙන්වා දෙයි.
එම අදාළ නිවේදනය පහතින් දැක්වේ.


