ගෙවී ගිය පැය 24 තුළ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 8 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එම අට දෙනොගෙන් හත්දෙනෙකුම ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලැබූ රෝගීන් වන අතර එක් අයෙකු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියෙකු වේ.
දැනට රෝගීන් 575 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ රෝගීන් 119 දෙනෙකු ද, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 53 දෙනෙකු ද, මුල්ලේරියාව රෝහලේ 85 දෙනෙකු ද, ඉරණවිල රෝහලේ 18 දෙනෙකු ද, කාතාන්කුඩි මූලික රෝහලේ 59 දෙනෙකු ද, නාවික රෝහලේ 181 දෙනෙකු ද, හෝමාගම මූලික රෝහලේ 60 දෙනෙකු ද ආදී වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 393 දෙනෙකු ම නාවික හමුදා සෙබළුන් වන අතර තවත් 11 දෙනෙකු අනිකුත් හමුදාවන්ට අයත් වේ. එමෙන්ම, විදේශයන්හි සිට නිරෝධායන මධ්‍යස්ථානවලට පැමිණි පුද්ගලයින්ගෙන් 41 දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින අනෙකුත් දේශිය පුද්ගලයින්ගෙන් 65 දෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. වාර්තා වු රෝගීන්ගෙන් තිදෙනෙකු විදේශිකයන් වේ.
දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 824ක් වන අතර 9 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත
