Advertise with Giraya
Giraya NewsGiraya News
BUSINESS

ෆේස්බුක් සහ ගූගල් ආයතන මේ වසර අවසානය දක්වා ගෙදර සිට වැඩ කරයි

තාක්ෂණ ලෝකයේ දැවැන්ත ආයතන දෙකක් වන ෆේස්බුක් සහ ගුගල් යන ආයතන දෙක මේ වසර පුරාම තම සේවකයන්ට නිවසට වී වැඩ කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ‘බී.බී.සී. පුවත් සේවය’ වාර්තා කරයි.

එම ආයතන පළමුව තීරණය කර තිබුනේ ලබන ජුනි මස පළමුවැනිදා දක්වා නිවසට වි වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවයි. නමුත්, ඔවුන් යළි එම තීරණය මාස 07ක් දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් තත්ත්වය යටතේ දැනට රටවල් කිහිපයකම දොරගුළු විවෘත කිරිමේ ප්‍රවනතාවයක් පවතින බැවින් ෆේස්බුක් ආයතනය ලබන ජුනි 06 වැනිදා සිට තම කාර්යාල විවෘත කිරීමට පියවර ගන්නා බවත් වාර්තා වේ.

Giraya News Alerts

ගූගල් ප්‍රධාන විධායක සුන්දර් පිචායි මහතා පැවසුවේ නැවත කාර්යාලයට පැමිණීමට අවශ්‍ය සේවකයින්ට වැඩි ආරක්‍ෂිත පියවරයන් සමඟ ජූලි මාසයේ සිට එසේ කිරීමට හැකි වනු ඇති බවයි. නමුත් නිවසේ සිට සිය රැකියා කරගෙන යා හැකි සේවකයින්ගෙන් බහුතරයකට වසර අවසානය දක්වා එය කළ හැකි බව පිචායි මහතා සඳහන් කරයි.

“ෆේස්බුක් සිය වැඩ දර්ශනය වෙත නැවත පැමිණීමේ මීළඟ පියවර ගෙන තිබේ. අද අපි නිවේදනය කළේ දුරස්ථව තම වැඩ කටයුතු කළ හැකි ඕනෑම කෙනෙකුට වසර අවසානයේ දක්වා එය තෝරා ගත හැකි බවයි” යනුවෙන් ෆේස්බුක් ආයතනයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර ඇත. කුමන සේවකයින් පැමිණිය යුතු දැයි ෆේස්බුක් තවමත් තීරණය කරමින් සිටින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබේ.

පවතින වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය මුලින්ම ආරම්භ කළ ආයතනය ෆේස්බුක් ආයතනය වන අතර එම ආයතනය මඟින් සේවකයින්ට ඔවුන්ගේ නිවසේ සිට සහ ළමාරක්ෂක වියදම් සඳහා ඩොලර් 1,000 (පවුම් 807) ක බෝනස් ලබා දීමට ද පියවර ගෙන තිබුනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top