කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුළ එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන ඇති බව ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත් සේවය වාර්තා කරයි.
මෙම සොයා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බව ද එහි වැඩිදුරටත් පළ වී ඇත.
චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුලදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබේ.
මෙම පිරිසෙන් 16% කගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බව එම පර්යේෂකයින් සඳහන් කරයි. වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මත ද එය පවතින බව ද මෙහිදී අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැළකී සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බව පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.
