අද (08) පෙරවරු 09.00 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
තවද , ඊයේ (07) දිනයේ දී වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 27 දෙනා අතරින් 24 දෙනෙක්ම නාවික හමුදා නිලධාරීන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. තවත් දෙදෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් වේ. ඊයේ (07) තහවුරු වූ අනෙක් තැනැත්තා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වේ.
දැනට කොරෝනා ආසාදිත පුද්ගලයින් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර තවත් 573 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි. තවත් 134 දෙනෙකු සැක පිට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සුව වීමේ අනුපාතය 28.16% ක් වන අතර මරණ අනුපාතය 1.09% ක් වේ.
මේ දින කිහිපයේ දී රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට තිබෙන අතර පසුගිය සතිය තුළ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගණන මෙසේ ය.
අප්‍රේල් 29 වන දින රෝගීන් 30 ක් ද,
අප්‍රේල් 30 වන දින රෝගීන් 14 ක් ද,
මැයි 01 වන දින රෝගීන් 27 ක් ද,
මැයි 02 වන දින රෝගීන් 12 ක් ද,
මැයි 03 වන දින රෝගීන් 06 දෙනෙක් ද,
මැයි 04 වන දින රෝගීන් 13 දෙනෙක් ද,
මැයි 05 වන දින රෝගීන් 16 දෙනෙක් ද,
මැයි 06 වන දින රෝගීන් 26 දෙනෙක් ද,
මැයි 07 වන දින රෝගීන් 27 දෙනෙක් ද වශයෙන් වාර්තා වී ඇත.
