කොරෝනා ආසාදිතයින් බවට ඉකුත් දා තහවුරු කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුගේ කොරෝනා පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් පසුව ඔවුන්ට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමඟ මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය අද(07) පැහැදිළි කිරීමක් සිදු කළා.
එමආයතනයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ එවැනි වැරදි වාර්තා 13 ක් පමණ මේ වන විට නිකුත් වී ඇති බවයි. කෙසේවෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති කිසිඳු වෛද්‍ය රසායනාගාරයක් මඟින් මෙතෙක් මෙවැනි වැරදි වාර්තා නිකුත් කර නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය දා (05) වාර්තා වූ ජාතික රෝහලේ හෙදියට සහ කොලොන්නාවෙන් සහ රාජගිරියෙන් වාර්තා වුන පුද්ගලයන් දෙදෙනාට කොරෝනා ආසාදිත බව වාර්තා වුවද ඊයේ (06) දිනයේ දී ඔවුන්ට වෛරසය ආසාදිත වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ප්‍රකාශ කරන ලදී. පසුව වාර්තාවන් ද නිවැරදි කිරීමට පියවර ගන්නා ලදී.
සම්බන්ධිත පුවත්
ඊයේ කොරෝනා වැළඳුන බව කියූ හෙදිය ඇතුළු තිදෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව කියයි
ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා
