Advertise with Giraya
POLITICS

ජනතාවට සහන ලබා දෙන්න යැයි රවී කරුණානායක මහ බැංකුවෙන් ඉල්ලයි

වත්මන් වසංගත තත්ත්වය හමුවේ රජය විසින් ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇති යම් යම් සහන ලබා දීම බැංකු වෙතින් ප්‍රමාද කිරීම හා සිදු නොවීම නිසා අපහසුතාවන්ට පත්ව ඇති ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී යම් කිසි සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතා ඉල්ලීමක් කරයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද මේ නිසා අපහසුතාවයට පත්ව තිබෙන බවත් අප මේ වේලාවේ ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් සහය ලබාදෙන බවත් මෙය ආණ්ඩුවට බැනීමක් නොව ජනතාව වෙනුවෙන් කරන ආයාචනයක් යැයි ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණානායක මහතා පවසයි.

සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ලබාදීම ප්‍රමාද නොකර කළයුතු බවද කොරෝනා අර්බුදය හමුවේ රට ගොඩගැනීමට සියලු පක්ෂ එක්වී ජාතික ආර්ථික වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ද කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top