Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වෙසක් පෝදා නීතිවිරෝධී මත්පැන් බෝතල් 59ක් සමඟ 4ක් පොලීසියට

අද(07) දහවල් ස්ථාන දෙකක දී සිදුකල වැටලිම්වලින් නීති විරෝධි කසිප්පු ජාවාරමක නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු සමඟ අරක්කු බෝතල් 59 ක් සහ ගොඩා බැරල් 06 ක් පොළොන්නරුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

තඹාල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අරක්කු බෝතල් 59 ය රුපියල් 118,000 ක් මුදලකට විකිණිමට සුදානම් කර තිබු එවා බවද පරික්ෂණ සිදු කරන පොළොන්නරුව පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන් සිව්දෙනා සමඟ අත්අඩංගුවට ගත් සියලූ පෙරුම් උපකරණ අධිකරණ කටයුතු ආරම්භ වන දිනයක දී පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර එතෙක් සැකකරුවන් සිව් දෙනා පොලිස් ඇප මත නිදහස් කළ පොළොන්නරුව පොලීසිය පවසයි.

Giraya News Alerts

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත පොළොන්නරුව මුලස්ථාන පොලිස් පරික්ෂක ඩි.ජී.එස්. සංජිව මහතාගේ මෙහෙය විමෙන් වැටලිම් ඒකකයේ පොලිස් පරික්ෂක එම්.ජී. රත්නායක මහතා ඇතුලූ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකලහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top