Update at 10.30 AM (2020.05.07)
මැයි මස 06 වන දින රාත්‍රී 11.30 වන විට කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මැයි මස 06 වන දිනය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 26ක් දක්වා ද දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 797 දක්වා ඉහළ ගොස් ඇත.
දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 573 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවේ.
මේ දින කිහිපයේ දී කොරෝනා වෛරසය ආසාදිත වූවන් වාර්තා වූයේ මෙසේ ය.
අප්‍රේල් 29 වන දින රෝගීන් 30 ක් ද,
අප්‍රේල් 30 වන දින රෝගීන් 14 ක් ද,
මැයි 01 වන දින රෝගීන් 27 ක් ද,
මැයි 02 වන දින රෝගීන් 12 ක් ද,
මැයි 03 වන දින රෝගීන් 06 දෙනෙක් ද,
මැයි 04 වන දින රෝගීන් 13 දෙනෙක් ද,
මැයි 05 වන දින රෝගීන් 16 දෙනෙක් ද,
මැයි 06 වන දින රෝගීන් 26 දෙනෙක් ද වශයෙන් වාර්තා වී ඇත.
__________________________________________________________________________
අද (06) රාත්‍රී 8.55 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 795 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ඒ අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 571 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 215 දෙනෙකු සුවය ලබා ඇත. තවත් සැක සහිත 153 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ.
