කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු පමණ පි.සි.ආර් පරික්ෂණයට ලක්කිරිම සඳහා සම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදි අද(06) සිදු කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් යුද හමුදාපති , ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම කාන්තාව ඇසුරු කළ පිරිස ඉතා ඉක්මනින් නිරෝධායනට යොමු කළත් ඇයට මෙම වෛරසය ආසාදනය වු ආකාරය පිළිබඳ ගැටළු සහගත බවයි. ඒ නිසාවෙන් අද (06) දිනය තුළත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පැවසු යුද හමුදාපතිවරයා, එසේ අද (06) දිනයේ සොයා ගැනීමට නොහැකි වුවහොත් සියලු දෙනාගේම PCR පරීක්ෂණ කළ යුතුව ඇතැයි ද පැවසීය.
කෙසේ හෝ අද දිනය තුළ ඒ පිළිබඳ කරුණු සොයා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කරන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වෛරස ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේ දි පුර්ණ සුවය ලබා පිටව ගිය අතර අද දිනයේ දී තවත් දෙදෙනෙක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු මුළු සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ වන විට ආසාදිතයින් 547 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
