Advertise with Giraya
POLITICS

මහින්ද දේශප්‍රිය ඉවත් කිරීමට දියත් වන මෙහෙයුමක් ගැන අනාවරණය වේ

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම තනතුරෙන් එළවා වෙනත් පුද්ගලයෙකු එම තනතුරට පත් කර ගැනීමේ පුළුල් මඩ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බව ‘රිවිර’ අනාවරණය කරයි.

එම වෙබ් අඩවියේ පළ කර ඇති ආකාරයට අද (06) දිනයේ දී මහින්ද දේශප්‍රිය සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන මඟින් මීට අදාළ බොහෝ දේ හෙළිවන බව වාර්තා කර තිබේ. එසේම, ඒ හා සබැඳි අනෙකුත් සිදුවීම් සියල්ල සැසඳීමේ දී ඒ වටා ක්‍රියාත්මක වන බලවේගය තේරුම්ගත හැකි වනු ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මහමැතිවරණය අවලංගු කර පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති කණ්ඩායමේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක අදාළ බලවේග විසින් මෙම මඩ ව්‍යාපාරය දියත් කර ඇති බවත් ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තම කණ්ඩායමේ මතය දරන පුද්ගලයෙකු කොමිසමේ සිටින බවට වන විශ්වාසය නිසා එම පුද්ගලයාව සභාපති පුටුවේ වාඩි කර ගැනීම දැයි යන්න පිළිබඳව ගැටළුවක් පැන නැගී ඇති බවත් පෙන්වා දෙයි. ඊට අදාළව සිද්ධි දාමයන් පහත පරිදි එම වාර්තාව මඟින් පැහැදිලි කරයි.

Giraya News Alerts

පළමු ප්‍රහාරය
එම මඩ ව්‍යාපාරයේ පළමු ප්‍රහාරය ලෙස නෙදර්ලන්තයේ අධ්‍යාපනය ලැබීමට ගිය මහින්ද දේශප්‍රියගේ පුත්‍රයා ද වන ශ්‍රී ලංකාවේ තවත් රාජ්‍ය සේවකයෙකු ද වන ඉංජිනේරු විදුර දේශප්‍රිය එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පිරිස අතර සිටීම උලුප්පා දක්වමින් චෝදනා කර සිටින්නේ මහින්ද දේශප්‍රිය සිය තනතුරේ බලය හරහා තම පුත්‍රයා මෙරටට ගෙන්වා ගත් බවට චෝදනාවක් එල්ල කිරීමයි.

අවංකව රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන් මෙවැනි චෝදනා හමුවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බැවින් අභූත චෝදනා නැගීම හරහා ඔවුන්ට මානසික පීඩනයක් එල්ල කිරීම එහි අපේක්ෂාව වී තිබේ. තම රාජකාරි ඉතිහාසය පුරා නොකැලැල් ලෙස සේවය කර ඇති රාජ්‍ය නිලධාරීන්ට එවැනි චෝදනා එල්ල කළ පසු ඔවුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීම ඉතිහාසය පුරාවටම සිදුවී ඇති බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.

මහින්ද දේශප්‍රියගේ පිළිතුර ඔස්සේ හෙළිවන සගයා සහ මාධ්‍ය මෙහෙයුම
පසුගිය කාලය පුරාම කොමිසම තුළ හිඳිමින් පෞද්ගලික ප්‍රකාශ සිදුකරන සාමාජිකයෙකු හේතුවෙන් මැතිවරණ කොමිසම දැඩි ජනතා අප්‍රසාදයකට ලක් වෙමින් පැවතිය අතර එහි සභාපතිවරයා වන මහින්ද දේශප්‍රියගෙන් මාධ්‍යවේදීන් ඒ ගැන විමසන සෑම අවස්ථාවකදීම ඔහුගේ කලකිරීම එම පිළිතුරු තුළ ගැබ්ව තිබුණි.

මහින්ද දේශප්‍රිය පන්නා හිතවෙතකු සභාපතිධූරයට පත් කර ගැනීමේ උත්සාහය
එම සිදුවීම් මාලාවත් සමග මැතිවරණය කල් දමා ගැනීමට වෙහෙසෙන සියලු දේශපාලන ක්‍රියාකාරීන් අතර වීරයා වූයේ අදාළ පෞද්ගලික මත ප්‍රසිද්ධියේ කියනු ලබන සාමාජිකයා යි. ඒ අනුව මේ වන විට එම පිරිස් වෙත හිතවත් සියලු මාධ්‍ය යොදාගෙන මහින්ද දේශප්‍රිය වෙත ප්‍රබල මඩ ව්‍යාපාරයක් දියත් කර ඇති අතර එහි පළමු මාධ්‍ය ප්‍රහාරය ලෙස තම පුත්‍රයා ගෙන්වා ගැනීම පිළිබඳ චෝදනාවක් එල්ල කර තිබේ.

මහින්ද දේශප්‍රියගේ පිළිතුර
මහින්ද දේශප්‍රිය තම පුත්‍රයා සම්බන්ධ චෝදනාවට දීර්ඝ පිළිතුරක් ලබා දී තිබේ. එමගින් ඔහු විමසා සිටින්නේ තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බැවින් තම පුතා වූ සහ රාජ්‍ය නිලධාරියෙකු වූ විදුරට ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති අයිතිය අහෝසි වන්නේ ද යන්නයි. එමෙන්ම ඔහු විමසා සිටින්නේ තමන් කොමිසමේ සභාපතිවරයා වූ බැවින් තම පුත්‍රයාගේ පියා ලෙස සිදු කළ යුතු කාර්යන් නොකර සිටිය යුතු ද යන්න යි. එමෙන්ම ඔහු ඉන් අවධාරණය කරන්නේ රාජකාරිමය ස්වාභාවයේ කිසිඳු මැදිහත් වීමක් තමන් සිදුනොකළ බවත් එම ක්‍රියාවලියට අදාළව තම පුත්‍රයා ඇතුළු පිරිසකගේ ඉල්ලීම් පෞද්ගලික මට්ටමින් අදාළ තැන්වලට ඊමේල් හරහා යොමුකළ බව හා ඒවා ලද බවට තහවුරු කර ගැනීම පමණක් බවයි.

මහින්ද දේශප්‍රිය මහතාගේ සම්පූර්ණ පිළිතුර මෙතැනින්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top