Update at 11.45 PM
අද (05) පස්වරු 11.30 වන විට කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 06 දෙනෙකු වාර්තා වීමත් සමඟ අද දිනයේ දී වාර්තා වූ රෝගින් ගණන 20ක් දක්වා වැඩි වී ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 771ක් දක්වා ද සක්‍රීය ආසාදිතයින් ගණන 549 දක්වා ද ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
____________________________________________________________________________
අද (05) පස්වරු 10.30 වන විට අද දිනය තුළ දී වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින් 14 දෙනා සමඟ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් ගණන 765ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.
අද (05) දිනයේ දී කෝවිඩ් 19 වෛරසය නිසා මෙරට මියගිය 09 වන රෝගියා ද වාර්තා වූ අතර ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කරන ලදි.
දැනට කෝවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 543 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 145 දෙනෙකු පරීක්ෂණ කරමින් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටියි.
අද (05) දිනයේ ද තවත් රෝගීන් 19 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 213ක් දක්වා වැඩි වී ඇත.
මේ දින කිහිපයේ දී කොරෝනා වෛරසය ආසාදිත වූවන් වාර්තා වූයේ මෙසේ ය. අප්‍රේල් 28 වන දින රෝගීන් 31 ක් ද, අප්‍රේල් 29 වන දින රෝගීන් 30 ක් ද, අප්‍රේල් 30 වන දින රෝගීන් 14 ක් ද, මැයි 01 වන දින රෝගීන් 27 ක් ද, මැයි 02 වන දින රෝගීන් 12 ක් ද, මැයි 03 වන දින රෝගීන් 06 දෙනෙක් ද, මැයි 04 වන දින රෝගීන් 13 දෙනෙකු ද වශයෙන් වාර්තා වී ඇත
