නීතිය හා සාමය පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව ‘නෙත් නිව්ස්’ වාර්තා කර තිබේ.
කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද දිසානායකගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී මෙලෙස නීති විරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් එම පුවතින් වැඩි දුරටත් දක්වා ඇත.
