Advertise with Giraya
NEWS

සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයෙක් රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසය වැළඳි සුවය ලැබූ තවත් නාවික හමුදා සෙබලෙක් ඊයේ (04) දිනයේ දී රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු පසුගිය අප්‍රේල් මස 23 වන දින කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මෙම නාවික සෙබලා පොළොන්නරුව ප්‍රදේශයේදී කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගත් පළමු නාවික හමුදා නිලධාරීයා සමීපව ඇසුරුකල වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයෙකු වන අතර PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා එදිනම මුල්ලේරියාව රෝහල වෙත යොමු කරන ලද අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර වරින් වර සිදු කල PCR පරීක්‍ෂණ තුනක ප්‍රතිඵල අනුව අදාළ වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුළ නොමැති බව තහවුරු වීම නිසා ඊයේ(04) රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම නාවික හමුදා පුද්ගලයාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top