අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වී ඇත්තේ 225 දෙනා පෙන්වීම බවත් ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම කැඳවා තිබුණු බවත් පාර්ලිමේන්තු ගියපු සමහරක් අය මේ වෙනකොට සිටින්නේ යම ලෝකයේ බවද යම රජ්ජුරුවන්ට මැසේජ් එකක් එස්එම්එස් එකක් දාලා හරි එහි සිටි පිරිස ද ගෙන්වා ගැනීමට උත්සාහ කළ බව ද හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (05) දින දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව සඳහා මියගිය පාර්ලිමේන්තු නියෝජනය කරන අයට පවා දැනුම් දී තිබුනු බවය. එහෙත් යම රජු විසින් මෙහෙ පාර්ලිමේන්තුවේ නියෝජනය කොට අපායේ ගිය අය සියලු දෙනාම කටු ඉඹුලේ නග්ගවා තිබෙන බවත් එම පිරිස බැස්සවීමට පවා විශාල කාලයක් ගතවෙන බව එහෙත් තවදුරටත් කටු ඉඹුලේ නැගීම සඳහා ද පිරිසක් පෝලිමේ සිටින බව එහි සිටින්නේ පක්ෂ හැදූ අයත් පක්ෂ කැඩූ අයත් රටට වින කරපු අයත් බව පැවසිය .
එමෙන්ම, ලබාදෙන රුපියල් 5000 දීමනාව ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම් රාජ්‍ය නිලධාරීන් හරහා බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමේදී කිසිදු විරෝධතාවයක් නොදක්වන බවත් එහෙත් දේශපාලන අවශ්‍යතාවයන් මත දේශපාලනඥයන්ට බෙදාහැරීම වහාම නවතා දැමිය යුතු බව ද එය දේශපාලන අල්ලසක් බව හෙතෙම පැවසීය .
තවද, නාවික හමුදාවේ සෙබළුන් බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී මේ වන විට ඔවුන්ගේ ඥාතීන් බිරින්දෑවරුන් සිටින ගම් පවා වසා දමා තිබෙන බවත් එම ගම්මාන වලට ආහාර බෙදීම සිදුකළ යුතු බව ද හැරිසන් මහතා පැවසීය.
