Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මැකෝ ගේ අවසන් තීරණය 14 වනදා ට පෙර

පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ලබන 14 වැනිදාට පෙර ස්ථිර තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම කාලයේ සෞඛ්‍ය බලධාරීන් හා අදාළ අංශ සමග සාකච්ඡා කර කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සමාලෝචනයක් කරනු ඇති බවත් ඊට අනුව මනාප අංක සහිත ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත්වනු ඇති බවත් වාර්තා වෙයි. පසුගිය 02 වැනිදා පෙරවරුවේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබඳව අවසන් තීරණයකට එළඹ නැති අතර ඒ පිළිබඳ තීරණය ගැනීම පක්ෂ විසින් කොමිසමට පවරා ඇති බවත් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top