Advertise with Giraya
NEWS

පාස්කු සිද්ධියට සම්බන්ධ පුත්තලමේ මුස්ලිම් දේවස්ථානයකට සහ රාජ්‍ය නොවන සංවිධානයකට මුද්‍රා තබයි

පාස්කු ප්‍රහාරයට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පුත්තලමේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට සහ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් මූලස්ථානයකට මුද්‍ර තබා තිබේ. අදාළ මුස්ලිම් දේවස්ථානය කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුට අයත් දේවස්ථානයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 03 වන දා අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන ඊයේ(04) දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයන්ට අදාළව සිදු කරනු ලැබු විමර්ශනවලදී කල්පිටිය ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්විය.

Giraya News Alerts

මුන්දලම පොලිස් වසමේ මදුරංකුලිය ප්‍රදේශ‍යේ පවත්වා ගෙන යනු ලැබු පුහුණු මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) දිනයේ දී සොයා ගෙන ඇති අතර එහි තිබී සැකකටයුතු පොත් පත් හා ලිපි ලේඛන ගණනාවක් සොයා ගෙන තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top