Update at 11.55 PM
අද (04) දිනයේ රාත්‍රී 11.25 වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ තවත් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වීමත් සමඟය. ඒ අනුව, අද (04) දිනයේ වාර්තා වී ඇති රෝගීන් ගණන 33ක් වේ.
රෝහල්ගතව සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 549 ක් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
____________________________________________________________________________
අද (04) දිනයේ දී රාත්‍රී 11.00 වන විට කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලියන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, අද (04) දිනයේ දී තවත් කොරෝනා ආසාදිත 72 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් විය. එම මරණයත් සමඟ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සමස්ත පුද්ගලයින් ගණන 8 දෙනෙකු දක්වා වැඩි විය.
තවද, අද (04) දිනයේ දී තවත් රෝගීන් දස දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර කොරෝනා වෛරසය වැළඳීමෙන් සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා සෙබලා ද සුවය ලබා ඊයේ (03) දිනයේ දී රෝහලින් පිටව ගිය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේය. ඒ අනුව, මේ වන විට සුවය ලද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 194ක් වේ.
දැනට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 530ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන අතර තවත් පුද්ගලයින් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
දැනට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ රෝගීන් 154 දෙනෙකු වේ. තවද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47 ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 38 ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 35 ක් ද,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 ක් ද වශයෙන් වාර්තා වී ඇත.
මේ දින කිහිපයේ දී කොරෝනා වෛරසය ආසාදිත වූවන් වාර්තා වූයේ මෙසේ ය. අප්‍රේල් 27 වන දා රෝගීන් 65 ක් ද, අප්‍රේල් 28 වන දින රෝගීන් 31 ක් ද, අප්‍රේල් 29 වන දින රෝගීන් 30 ක් ද, අප්‍රේල් 30 වන දින රෝගීන් 14 ක් ද, මැයි 01 වන දින රෝගීන් 27 ක් ද, මැයි 02 වන දින රෝගීන් 12 ක් ද, මැයි 03 වන දින රෝගීන් 06 දෙනෙක් ද වශයෙන් වාර්තා වී ඇත.
