Advertise with Giraya
NEWS

සුවය ලැබූ පළමු නාවික හමුදා සෙබලා රෝහලෙන් පිටව යයි

ඉකුත් අප්‍රේල් මස 25 වන දින කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ (03) දින රෝහලින් පිටව ගොස් තිබෙනවා.

‍මෙම නාවික සෙබළා ඉකුත් අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටිය දී අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත. පසුව ඔහු ප්‍රතිකාර සඳහා එදිනම IDH රෝහල වෙත යොමු කරන ලද අතර, රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී වරින් වර සිදු කල PCR පරීක්‍ෂණ තුනක (03) ප්‍රතිඵල අනුව කෝවිඩ් -19 වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුළ නොමැති බව තහවුරු වීම නිසා මැයි මස 03 වන දින රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.

අදාළ නාවික සෙබලා රෝහලින් පිටත්ව ගිය ද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර සිටී.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top