Advertise with Giraya
NEWS

එංගලන්තයේ සිට රැගෙන ආ පිරිස් කටුනායක දී කළහකාරී ලෙස හැසිරෙයි

තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමින් එංගලන්තයේ සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී තිබෙන බව වාර්තා වේ.

ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 208 දෙනෙකු එංගලන්තයේ සිට අද (04) අළුයම මෙලෙස මව්බිමට පැමිණි අතර ඔවුන් සියලූ දෙනා සහ ඔවුන්ගේ ගමන් මලූ ද ගුවන් තොටුපොළේදීම විෂබීජහරණය කිරිමෙන් අනතුරුව ඔවුන් බස් රථ මගින් නිරෝධායනය සඳහා රැගෙන යාමට කටයුතු කර ඇත.

මෙම කණ්ඩායමේ වැඩි දෙනෙකු නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මීගමුව ජෙට්වින්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට‍්‍රස් යන හෝටල්වලට ය. ඒ සඳහා ඔවුන්ට දිනකට රුපියල් 7,500ක් බැගින් වන පරිදි මුදල් පෞද්ගලිකව ගෙවා නිිරෝධායනය වීමට පහසුකම් සපයා දී තිබේ.

Giraya News Alerts

මීගමුව ජෙට්වින් හෝටලයට පිරිමි පුද්ගලයින් 44 දෙනෙකු, කාන්තාවන් 47 දෙනෙකු සහ ළමයින් 03 දෙනෙක් රැගෙන ගොස් ඇති බවත් තවත් කිහිපදෙනෙකු මීගමුව ඩොල්ෆින් හෝටලයට රැගෙන විත් ඇති බවත් වාර්තා වේ. නිරෝධායනය සඳහා වස්කඩුව සිට‍්‍රස් හෝටලයට රැගෙන ගිය පිරිස 62ක් වන අතර එයින් 33ක් පිරිමි පුද්ගලයින් වන අතර 29 දෙනෙකු කාන්තාවන් වේ. සෙසු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ දියගම තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයටයි. එම පිරිස අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු සහ ළමයින් 04 දෙනෙකු ද සිටියි.

මේ අතර නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව එංගලන්තයේ අතරමං වී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ තවත් විශේෂ යානයක් අද අළුයම පිටත්ව ගියා. හෙට දිනයේද එවැනි තවත් විශේෂ යානයක් එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top