Advertise with Giraya
NEWS

දෙමළ ඩයස්පෝරාව මෙරට මාධ්‍ය ආයතන මිලදී ගනිමින් කරන දේ හෙළිවේ

කෝටි ප්‍රකෝටි ගණනින් යුතු මුදල්වලට කිරීමට දෙයක් නොමැති දෙමළ ඩයස්පෝරාව මේ රටේ විවිධ මාධ්‍ය ආයතන මිලදී ගනිමින් ජාතික මාධ්‍ය ආයතන විනාශ කරමින් ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව ‘සිංහලේ’ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසති.

පෙරේදා (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක, මංගල සමරවීර වැන්නවුන්ගේ සහයෝගයත් සමඟ සිදුකරන මෙම කුමන්ත්‍රණය මඟිින් එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කරගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටින බවද උන්වහන්සේ කීහ.

රටේ මාධ්‍ය ආයතන මෙලෙසින් දෙමළ ඩයස් පෝරාවට අවශ්‍ය ලෙසින් ක්‍රියාත්මක වනවා නම් එය ඉතා භයානක හා ගැටලු සහගත තත්ත්වයක් බැවින් රටේ ජනතාව මේ පිළිබඳව දැඩි අවදියෙන් සිටිය යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා සඳහන් කළේ, ඩයස්පෝරාවේ මෙතෙක් නොදුටු පැතිකඩක් මේ වන විට විවෘත වෙමින් පවතින බවත් ඩයස්පෝරාවේ කළු සල්ලි සුදු කර ගැනීම දේශීය ව්‍යාපාර හා සමාගම් මිලදී ගැනීම එම ක්‍රියාවලිය බවට පත්ව ඇති බවත්ය.

මීට වසර කිහිපයකට පෙර බෙන් හෝල්ඩින්ග්ස් නම් පෞද්ගලික සමාගම නිර්මාණය කළ ඇලෙක්ස් ලෝයල් නම් ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරයකට අනුව මෙම කුමන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මේ වන විට සියලු තොරතුරු හෙළිදරව් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

බෙන් හෝල්ඩින්ග්ස් සමාගම යටතේ පවතින ස්වර්ණවාහිනිය, ETI මූල්‍ය සමාගම සහ EAP චිත්‍රපට සමාගම යන සමාගම් මිලදී ගැනීමට ඩයස්පෝරාව ඔස්සේ කළු සල්ලි ලැබුණේ කෙසේද ඒවා ආයෝජනය කළේ කෙසේද යන්න පිළිබඳ සියලු විස්තර ඇලෙක්ස් ලෝයල් CID යට පවසා ඇති බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තරයේ කළු සල්ලි සුදු කිරීම පිළිබඳ කෙළ පැමිණි LTTE සංවිධානයට ආයුධ මිලදී ගැනීම් සඳහා මුදල් හා සහයෝගය ලබාදුන්

සුබාෂ්කරන් අලිරාජා නමැත්තාගේ සහාය යටතේ රටවල් තුනක් හරහා මෙරටට මුදල් පැමිණීම හා එම මුදල් යොදාගෙන මාධ්‍ය ආයතන මිලදීගත් ආකාරය සහ ඔහුට අවශ්‍ය ලෙස මෙම මාධ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය හසුරුවන ආකාරය පිළිබඳවද සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී අවසන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“මේ සිද්ධියේදී ඇලෙක්ස් ලෝයල් කියන කුප්‍රකට ව්‍යාපාරිකයාගේ හැසිරීම අමතක කරන්න බෑ. කවුද මේ? දේශීය ව්‍යාපාර බිඳ වට්ටන්න, කුමන්ත්‍රණකාරීව විනාශ කරන්න සියලු කුමන්ත්‍රණ කළ කෙනා තමයි මේ.

ඔහු මීට වසර කිහිපයකට පෙර බෙන් හෝල්ඩින්ග්ස් කියලා සමාගමක් හදනවා. මේ සමාගමට අයිති ව්‍යාපාර තුනක් තිබෙනවා. එකක් ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනය, ඊ.ටී. අයි. මූල්‍ය ආයතනය හා ඊ.ඒ.පී. චිත්‍රපට කර්මාන්තය යන ඒවා.

මේ ගැන අහන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (01) ඇලෙක්ස් ලෝයල්ව කැඳවනවා. ඊට කලිනුත් දවස් දෙකක් තිස්සේ ඔහුව කැඳවා කටඋත්තර සඳහන් කර ගන්නවා. ඉහත ආයතන මිලට ගන්න ඔබව මුදල් කොහෙන්ද කියලා සී.අයි.ඩී. ය ඔහුගෙන් ප්‍රශ්න කරනවා. කොහෙන්ද මුදල් ආවේ කියන එක. අපි හිතනවා මේ නඩු නිමිත්ත ඉක්මනින් ආරම්භ වෙයි කියලා.

අප සංවිධානයක් විධියට වගකීමෙන් කියනවා සී. අයි.ඩී.යට ඇලෙක්ස් ලෝයල් කරපු ප්‍රකාශයේදී ප්‍රධාන නම් කිහිපයකුත් සඳහන් කරනවා. ඒ නම් අතරේ ප්‍රධාන නමක් තමයි සුභාෂ්කරන් අලිරාජා. ඔහු යුද සමයේදී ජාත්‍යන්තර සංවිධාන හරහා ත්‍රස්තවාදයට වියදම් කරපු හැටි අපි දන්නවා. ලන්ඩනයේ සිට ස්වර්ණවාහිනිය මෙහෙයවන්නේ කොහොමද කියලත් අපි දන්නවා.

මේ සියලු විස්තර අලෙක්ස් ලෝයල් ඒ විදියටම වමාරා තිබෙනවා. අපට කියන්න තියෙන්නේ ඔබ ගූගල් සර්ච් එන්ජින් එකට යන්න. අලිරාජා සුභාෂ්කරන්

කියන නම ටයිප් කරලා බලන්න. ඔහු ජාත්‍යන්තර වශයෙන් කළු සල්ලි සුදු කිරීම ගැන කළ පැමිණි අයෙක්. දැන් සී.අයි.ඩීයට යුතුකමක් තියෙනවා අලිරාජා සුභාෂ්කරන්ව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න.”

රුවන්ත නිතුල්ගස්පිටිය -මව්බිම-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top