Advertise with Giraya
NEWS

විපක්ෂයේ අරමුණ පැහැදිලියි.. රැස්වීමට සහභාගී නොවූවත් කිසිදු වෙනසක් නැහැ

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීම අද (04) පෙරවරු 10.30ට අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ හිටපු මන්තී‍්‍රවරුන් 225 දෙනාටම මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබූ අතර විපක්ෂ කණ්ඩායම් ඊට සහභාගී නොවූවත් රැස්වීමෙහි වෙනසක් නොවන බව රජය පවසයි.

පැවති ආණ්ඩුවේ හිටපු අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම් මෙම සාකච්ඡාව වර්ජනය කර තිබීම කණගාටුවට කරුණක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ සඳහන් කරයි. මෙම වසංගත තත්ත්වය මේ රටින් තුරන් කිරීම ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව නොවන බවත් විපක්ෂයේ වුවමනාව වී ඇත්තේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම බවත් ඉන් පැහැදිලි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts

අග‍්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද අද (04) පැවැත්වෙන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමට සහභාගී නොවන බව එක්සත් ජාතික පක්ෂය ඊයේ (03) නිවේදනය කළා. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයද මෙම රැස්වීමට සහභාගී නොවන බව පසුගියදා නිවේදනය කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top