කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පිඩාවට පත් කණ්ඩායම් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ගෙවනු ලබන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට රජය විසින් තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහතින් දැක්වේ.
කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවනු ලැබේ.
මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙන අතර වෙසක් පුර පොහයට පෙර ගෙවා නිම කෙරේ. වැඩිහිටියන් ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැගින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය.
මේ කණ්ඩායම් වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට දීමනාව හිමි වෙයි.
මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම හෙට සිට ආරම්භ කොට පොහොය දිනයට පෙර ගෙවා අවසන් කරනු ලැබේ.

