අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට(04) දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ මෙම රැස්වීම සඳහා සහභාගීවිමට මීට පෙර තම පක්ෂය තීරණය කර තිබු බවයි.
නමුත්, මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම අනෙකුත් ක්‍රියාකාරි දේශපාලන නායකයින්ට ආරාධනා කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙයි.
මෙවැනි අවස්ථාවකදී අර්ථවක් සංවාදයක් පැවැත්විය නොහැකි බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය අදාල නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මේ හේතුව මත මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි.
එහෙත් කොවිඩ් නයින්ටීන් උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා සියලු ක්‍රියාමාර්ගයන්ට සහය විමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද එම නිවේදනයේ සඳහන්ය
විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇති අතර මෙම විශේෂ සාකච්ඡාව හෙට පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
