හෙට (04) දිනයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවා ඇති විශේෂ රැස්වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 127 දෙනාගෙන් 93 දෙනෙකු සහභාගී නොවීමට තීරණය කර ඇත.
මීට සහභාගී නොවන මන්ත්‍රීවරු වන්නේ හිටපු විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහු නායකත්වය ලබාදෙන සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු 87 දෙනා ද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු 06දෙනා ද වේ.
මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඇරැයුම් කර ඇතැයි ද දැනගන්නට ඇත.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප මන්ත්‍රීවරු 19 දෙනා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 15දෙනා මෙම රැස්වීමට සහභාගීවීමට නියමිතය.
සමගි ජන බලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දමිළ ප්‍රගතශීලී සන්ධානය,ජාතික හෙළ උරුමය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුද මෙම රැස්වීමට සහභාගී නොවෙති.
රට මුහුණ දී සිටින කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ගෙන තිබෙන පියවරයන් මෙන්ම එහි වත්මන් තත්ත්වය පිළිබඳවත් ,මේ සඳහා ලැබෙන ආධාර පිළිබදව දැනුවත් කර සාකච්ඡා කිරීමට අගමැතිවරයා විසින් මෙම විශේෂ හමුව කැඳවා ඇත.
පවත්නා තත්ත්වය සැළකිල්ලට ගෙන කඩිනමින් පාර්ලිමේන්තතුව කැඳවන්න යැයි පසුගියදා විපක්ෂයේ දේශපාලන නායකයින් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් කරන ලද ඉල්ලීම පිළිබදවද කරුණු දැක්වීිමට විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබෙන අතර, පක්ෂ හා විපක්ෂ සියලූ දෙනාට යෝජනා හා අදහස් තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමටත් මෙහිදී අවස්ථාව තිබෙන බව අගමැති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් සියලූ දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇති අතර මෙම විශේෂ සාකච්ඡාව හෙට පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
